Wednesday, June 3, 2020 |

වර්මාතනයට හා අනාගතයට සාපේක්ෂව අතීතයේ ජීවත් වීම





වර්තමානයට හා අනාගතයට සාපේක්ෂව  අතීතයේ ජීවත් වීම..........................

අතීතය ඉක්ම ගිය යුගයයි..  ගෙවී ගිය මොහොතයි....... අතීතය පිළිබඳ එකිනෙකාට ඇත්තේ විවිධ වූ දැනීම්ය.....

අතීතය අමිහිරි මතකයන් මකා දමන්නට හැකි වී ඇත්තේ කීයෙන් කී දෙනාටද?
සුන්දර අතීතය නැවත එනවාට කැමති කීයෙන් කී දෙනාද?

බොහෝ දෙනෙක් අතීතයට කැමතිය. සමහරෙකුට  අතීතය පිළිබඳ ඇත්තේ අපුලකි. ඇතමෙකුට අතීතය පීඩාවකි.

අතීතයට ආලය කරන අතීතකාමින් ඒ ගැන හිතමින් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම අතීතයට ගොස් එයි.
අතීතය ප්‍රසන්න නැතැයි සිතෙන අයෙක්ට අතීතය ඔසවාගෙන යන්න තරම් බරය . තවකෙක්ට අතීතය මායාවක් යැයි සිතිය හැකිය... ඔහු යථාර්ථය දකින්නේ ඒ මායාව ඔස්සේය.


එහෙත් අතීතය ගෙවා අවසන්ය. එය මෙසේ වූවා නම් හොඳ යැයි සමහරෙකුට සිතුණත් එය රිසි ආකාරයට වෙනස් කිරීමට නොහැක.

අතීතය නැවත ප්‍රති නිර්මාණය කළ නොහැකි දුරක් ගෙවා හමාරය.

එහෙත් කිසිවෙකුට අතීතය අමතක කළ නොහැක. අප්‍රසන්න වුවද? ප්‍රසන්න වුවද? අපුලක් දැනුනද? මායාවක් වුවද? සුන්දර වුවද?

ඒ අපේ ජීවිතයේ අතීතය.... වර්ථමානයේත් - අනාගතයේත් සෙවණැල්ලයි......

අතීතයට පුළුවන්නම් මුළු ජීවිතයම තීරණය කරන්න.
අතීතයට පුළුවන්නම් මුළු ජීවිතේම සාර්ථකත්වය තීරණය කරන්න.
අතීතයට පුළුවන්නම් සතුට - දුක - සැනසීම තීරණය කරන්න ...
ඔබේ ජීවිතයට අතීතය කොතරම් වටිනවාද?


අතීතයේ වීරයන් වූ පුද්ගලයන් පසු කලක දුර්වලයෙන් ලෙස පෙනෙනවා නම්,
අතීතයේ බුද්ධිමතෙක්  වර්ථමානයේ මෝඩයෙකු ලෙස හැසිරෙනවා නම්,
අතීතයේ ඇති වූ ආදරයක් පසු කලක වෛරයක් වනවා නම්,
අතීතය් හටගත් සතුටක් පසුකලක දුකක් ලෙස දැනෙනවා නම්,
අතීතයේ වැදගත් වූ දේ තවදුරටත් වැදගත් නොවේනම්,
අතීතයේ වි෦෦ඳීමන් පසු කලක විඳවීමක් වෙනවා නම්,
 තවදුරටත් අතීතය කර පින්නාගෙන ගමන් කළ යුතුද?

තීරණය ඔබේ සතුය .........ඔබ දන්නා ඔබේ අතීතය මිහිරි නම්, ප්‍රිය නම්, සුන්දර නම් - ජීවිතය පුරා ඔසවාගෙ යන්න....

නමුත් ඔබේ අතීතය .... අමිහිරි නම්, අසුන්දර නම්, අපුලක් නම්, විඳවීමක් නම් - අතීතය බිම දමා ....සැහැල්ලුවෙන් අනාගතයට පා ඔසවන්න....


අතීතයට ඔබ වෙනස් කරන්න ඉඩ නොදෙන්න... පවතින මොහොතට බලපෑම් ඇති නොකරන්න.
අතීතය වෙනස් කරන්න අපි හීන මැව්වට ඒක වෙන්නේ නෑ... යථාර්ථයට මුහුණ දෙන්න  අත් නුදුටු අනාගතය වෙනුවෙන් සිතන්න....

0 comments:

Post a Comment