Sunday, August 13, 2017 |

කොග්ගල ප්‍රාඥයා උපන්බිමේ මතක සටහන්

නිකිණි පුන් පෝදා කොග්ගල ප්‍රාඥයා නමින් හැඳින් වූ සිංහල යථාර්ථවාදී නව කතාවේ පුරෝගාමියා වන  මාර්ටින් වික්‍රමසිංහ මහතා විසූ කොග්ගල ප්‍රදේශයේ  සංචාරය කරන්නට අවස්ථාව උදා විය. පොද වැස්සත් අඳුරු වළාවත් සීත සුළඟත් සමඟ මේ සුන්දර  භූමියට පිවිසි නිසාදෝ.............. එය සුන්දර  අද්දැකීමක් විය.
වික්‍රමසිංහ මහතා  නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, විචාරකයෙකු, මාධ්‍යෙව්දියෙකු ලෙස සිංහල සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් සිදු කළ අයෙකි. 


ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයෙන් මයිල 10ක් පමණ  ගිය තැන ගාලු - මාතර අසල දක්නට ලැබෙන මනස්කාන්ත කුඩා ගමක ළමා හේවාගේ දොන් බස්තියන් සිල්වා සහ මාගාල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යුවලගේ එකම පිරිමි දරුවා ලෙස උපත ලැබීය.
කම්බා අටකට පසු සරමක් සරමක් ලෙස වින්නබු අම්මාගේ පැවසීමත් සමඟ මාගේ නෑයින් මහත් ප්‍රීතියට පත්ව ඇත.(අපේ ගම)
මේ සුන්දර කොග්ගල ග්‍රාමයේ එක් පැත්තකින් ගල් පරයක්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එක්වන  ජලයෙන් නිර්මාණය වූ විශාල වැවකින්ද සමන්විත විය.
පුරාණ සිංහල සන්දේශකරුවන් විසින් කොග්ගල උගතුන් අතර ප්‍රසිද්ද වූයේ  සව්සද්දම්වාදය හා අමන්පැන් කලහයෙන් පසුවය. නැවතත් කොග්ගල ගම්මානය ප්‍රසිද්ධ වන්නේ මේ කොග්ගල ප්‍රාඥයන් නිසාවෙනි.
පල දෙකකින් යුත් සිංහල උළු යෙදූ මාර්ටින් වික්‍රමසිංහ උපන් මේ පාරම්පරික නිවස අපට සිහිපත් කරවන්නේ වසර දෙසීයකට පමණ පෙර මෙරට විසූ  ග්‍රාමීය ප්‍රභූවරයකුගේ නිවසයි.  දෙවන ලෝක යුද්ධ සමයේ (1940 දශකයේ)පැය 24 ඇතුළත  එම කොග්ගල ග්‍රාමයෙන් ඉවත් වීමට සියලු දෙනාට අණ ලැබූ අතර එම භූමිය ආණ්ඩුවට පවරා ගෙන යුධ අහස් යානා තොටුපළක් සෑදීමට යෝජනා විය. නමුත් මෙම  නිවස හා එය පිහිටා ඇති  පරිසරයට ඇලුම්  කළ බටහිර ජාතිකයන් නැවත වික්‍රමසිංහයන්ට ලබා දී ඇත. 

මාර්ටින් වික්‍රමසිංහයන් මියයන විට පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පිළිබිඹු කෙරෙන මෙම නිවස හා අක්කර දෙකකට පමණ සීමා වූ  මෙම  ප්‍රදේශය අද අක්කර 8ක තුරු ලතා ගොමු වලින් හා ඊට අනුරූපව ඉදිවුණු ගොඩනැගිලි කිහිපයකින් යුක්ත මනරම් උද්‍යානයක සිරි ගෙන එයි.
කුඩා දූපත් වලින් හා වන ගහනයෙන් සමන්විත ස්වභාවික පරිසරය, ජන සංස්කෘතිය මෙන්ම එකී ජනතාවගේ සරල ජීවිකාව පසුතාලීනව ඔහුගේ නිර්මාණ කෙරේ සෘජුව මෙන්ම වක්‍රවද බලපා ඇත.
මුළු ගම එකම රුක් ගොමුවක් කරන පොල්ගස් හා අනික් ගස් කොලන්ද වැඩී මල් ඵලගන්වා මහලු වී විනාශ වෙයි.සත්තු කලක් ජීවත්ව සිට මියෙති.මිනිසුන් නුගත්කමින් හා දැඩි දිලිදුකමින්ද තමන්ගේ වරදින් හා ජගත් ශක්තියෙන් මිරිකි මිරිකී පිඩා විදිමින් සිට මියෙති ". ගම්පෙරලිය 1 පිටුව.
ගාලු පුරවරේ සංචාරය කරන සියලු දෙනා මෙම ස්ථානය නැරඹීමට යන බව එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරක පිරිස දැකීමෙන් පසක් විය.
කොග්ගල ගිය අපිට මඩොල් දූව මෙන්ම කොග්ගල වෙරළ තීරයත් විකුමසිංහ  ජන කලා කෞතුකාගාරය නැරඹීමට හැකිවිය. ප්‍රදර්ශන මැදිරි 5කින් සමන්විත වූ මෙම කෞතුකාගාරය පැරණි ග්‍රාමීය තාක්ෂණික දැනුම ඒකරාශී වූ ස්ථානයකි.


විරල සිතුවම් වලින්  සමන්විත  කෞතුක වස්තු, බෞද්ධාගමික සංකේත  ජන ඇදහිලි නිරූපිත භාණ්ඩ මෙන්ම ආදිකාලයේ සිට පැවත එන  ජනතාවගේ ජීවන වෘත්තීන් වූ කුඹල් කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය  ආදී පිළිබඳ තොරතුරු වලින් අප දැනුවත් විය.

මෙම කෞතුකාගාරය නැරඹීම තුළින් අප රටේ විසූ අතීත ජනතාව සතු ජීවිත පරිඥානය පිළිබඳ අවබෝධයක්  ලබාගත හැකි විය.

මෙම මැදිරි පහ නැරඹීමෙන් පසුව මනරම් කඩොලාන තුරුලිය ගොමු වලින් හා කණබිමි වලින් අලංකෘත වූ කෞතුකාගාර පරිශ්‍රය, අම්බලම මෙන්ම පොල් රැප්පා යටින් වැටී ඇති පටු මාවත ඔසසේ ඉදිරියට යන අපිට දැකගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකාවේ  පැරණි යාන වාහන,ඔරු පාරු ආදිය අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ගමන් බිමන් හා වෘත්තීය  පිළිබඳ තොරතුරුය.
පාරම්පරික ගැමි තාක්ෂණය හා සබැඳි දැනුම ඒකරාශී වූ ස්වභාව  සුන්දරත්වයෙන් අනූන වූ මෙම ස්ථානයට පිවිස කඩොලාන කැලයෙන් හමන සීත සුළඟ විදගන්නට අමතක නොකරන්න.


මාර්ටින් වික්‍රමසිංහ  විසින් රචිත ග්‍රන්ථ නාමාවලිය

නවකතා

ලීලා                                          1914
සෝමා                                      1922
අයිරාංගනී                                 1923
සීතා                                          1923
මිරිඟු දිය                                   1925
රෝහිණී                                    1929
ගම්පෙරළිය                               1944
මඩොල්දූව                                 1947
යුගාන්තය                                  1956
කලියුගය                                   1957
කරුවලගෙදර                            1963
බවතරණය                                1973

කෙටි කතා සංග්‍රහය

ගැහැණියක්                                                   1924
මඟුල් ගෙදර හා චරිතාදර්ශ කතා                     1927
පව්කාරයාට ගල් ගැසීම                                  1936
අපූරු මුහුණ                                                  1944
හඳ සාක්කි කීම                                              1945
මාර යුද්ධය                                                   1945
අපේ විත්ති                                                    1946
මගේ කතාව                                                  1947
බිල්ල සහ අපූරු මුහුණ                                   1949
වහල්ලු                                                          1951
කතා අහුර                                                     1955
තෝරාගත් කෙටිකතා (මාර්ටින් වික්‍රමසිංහ)     2009
රන් පිළිමය හා වෙත් කතා                              2012
කෙටිකතා එකතුව පළමු වෙළුම                      2012
කෙටිකතා එකතුව දෙවන වෙළුම                    2013


ළමා සාහිත්‍ය

බාලෝපදේශය                                             1903
කුරුමිණි සත්තු                                             1929
උන්මාද චිත්‍රා                                                 1929
කුරුකුහුඹු සත්තු                                            1930
වෙස්මාරු කරන සත්තු                                   1931
සදාචාරය හා නිරෝගී සම්පත                         1931
මුහුදු වෙරළ                                                  1932
ගලිවරායනය                                                 1932
රජවෙන්න ගිය මහන්නා                                 1932
දඬුමොණරය                                                  1932
රන්කෙඳි කුමාරිකාව                                      1932
පළාත් ආණ්ඩුව                                             1934
සත්ත්ව ලෝකය                                            1936
ග්‍රාමීය විද්‍යා  ප්‍රෙව්ශය                                     1937
ප්‍රජා පාලන ශික්ෂා                                          1938
විද්‍යා විනෝද කතා                                          1957

දෘෂ්‍ය කාව්‍ය හා පද්‍ය   කාව්‍ය

 චිත්‍රා                                                            1940
මයුරි                                                            1944
තේරී ගී                                                        1952
විජිතා                                                          1953
විජිතා සහ තවත් නාටක                                1953

ජීවිතය ඇසුරෙන් ලියූ පොත්

අපේ ගම                                                      1940
කළුනික සෙවීම                                           1950
උපන්දා සිට                                                 1961
උපන්දා සිට බාලාවිය                                    2001


දර්ශනය හා වෙනත්
සිංහල ලකුණ                                                1947
බුදු සමය හා සමාජ දර්ශනය                           1948
පෙරපර දෙදිග සංවාදය                                  1958
දැනුම හා දැකුම                                             1958
සිංහල සකස්කඩ                                            1962
සෝවියට් දේශයේ නැගීම                               1962
බෞද්ධ දර්ශනය හා  මාර්ගය                          1968
චැකොෆ් හා ලංකාව                                       1970
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය                    1972



විචාර  ග්‍රන්ථ
ශාස්ත්‍රීය  ලේඛන 
සිංහල සාහිත්‍ය කතා
සාහිත්‍ය ශික්ෂා 1
සාහිත්‍ය  ශික්ෂා 2
සාහිත්‍ය  ශික්ෂා 3
විචාර ලිපි  
ගුත්තිල ගීතය  
සිංහල සාහිත්‍යයේ නැගීම
සාහිත්‍ය කලාව
කාව්‍ය විචාරය
ඇත්ත යුක්ත
බණ කතා සාහිත්‍ය
නව පද්‍ය  සිංහලය
රසවාදය හා බෞද්ධ කාව්‍යය                                            1961
සිංහල විචාර මඟ                                                              1964
නවකතාංග හා විරාගය                                                     1965
ජාතක කතා විමසුම                                                         1965
සිංහල නවකතාව හා ජපන් සාම කතා සෙවණැල්ල           1969
සිංහල නාටකය හා සඳ කිඳුරුව                                        1970
සම්ප්‍රදාය හා විචාරය                                                         1971
ව්‍යහාර භාෂාව හා පරිණාම ධර්මය                                    1997
අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ                                   1998
අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය                     2000
මානව හිතවාදය හා එතෙර වියත්හු                                   2002
නව චීනයේ පිබිදීම                                                           2006
නවකතා වාදය                                                                 2010
අපේ ළමා සාහිත්‍ය                                                             2011
සිංහල සිනමා සිත්තම                                                       2012

පරිණාමවාදය හා මානව  විද්‍යාව
සත්ත්ව සත්තතිය                                                              1934
භවකර්ම විකාශය                                                              1967
මානව විද්‍යාව හා  සිංහල සංස්තෘතිය                                   1974
පරිණාමවාදය හා බෞද්ධ විඥානවාදය                                1974

පුරා විද්‍යාව  හා ඉතිහාසය
පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම්                                          1933

ඉංග්‍රීසියෙන් ලියූ ග්‍රන්ථ

The Mysticism of Lawrence                                          1951
Aspects of Sinhalese Culture                                         1952
The Buddist  Jathaka stories and the Russian Nuvel     1957
Buddhism and Culture                                                   1964
Revolution and Evolution                                              1971
Buddhism and Art                                                          1973
Sinhala Language Culure                                               1975



වික්‍රමසිංහ මහතා විසින් රචිත විදෙස් භාෂාවන්ට පරිවර්තනය වූ ග්‍රන්ථ

 Landmarks of Sinhala Literature (English)          1948
කෙටිකතා එකතුව -01 (රුසියාව)                             1958
මඩොල්දූව (රුසියන්)                                               1959
මඩොල්දූව (චීන)                                                     1961
කෙටිකතා එකතුව (චීන)                                          1961
මඩොල්දූව(රුමේනියානු)                                         1962
මඩොල්දූව (බල්ගේරියානු)                                       1964
තිරාමප්පිරල්වු (ගම්පෙරළිය) (දෙමළ)                       1964
තුන් ඈදුතු නවකතා (රුසියන්)                                  1965
Lay Bare the Roots (English)                                1968
කෙටිකතා එකතුව 02 (රුසියන්)                              1970
Madol Doova (English)                                        1976
මඩොල්දූව (ලන්දේසි)                                             1979
The Way of the Lotus (viragaya) (English)          1985
විරාගය (දෙමළ)                                                      1992
මඩොල් තීවු  (දෙමළ)                                              1993 
විරාගය (ප්‍රංශ)                                                          1995
විරාගය (ජපන්)                                                       1995
මඩොල් දූව (ජපන්)                                                 2002
Selected Short Stories (English)                           2007
නව චීනයේ පිබිදීම (චීන)                                         2007
මඩොල් දූව (ඉතාලි)                                                2009
Uprooted  (ගම්පෙරළිය) (English)                         2009
සිරුකතෙයිකල් (තෝරාගත් කෙටි කතා) (දෙමළ)    2009
ගම්පෙරළිය (ජපන්)                                                2010
කළියුගය (ජපන්)                                                    2011
අපේගම (දෙමළ)                                                    2012
යුගාන්තය (දෙමළ)                                                 2012




2017  - 08 - 13
නිංසකා සන්දීපනී