Thursday, June 1, 2017 |

මැයි මාසයේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම්



 වෝල්ට් ඩිස්නි සමාගමේ අලුත්ම චිත්‍රපටය වන පයිරේට්ස් ඔප් කැරිබියන් චිත්‍රපටය එළි දැක්වීමට පෙර සයිබර් හොරු විසින් එය සොරා ගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය මැයි මස 26 දා ලොව පුරා ප්‍රදර්ශනයට නියමිත විය.

 තුර්කියේ විකිපීඩියා විශ්ව කෝෂය අවහිර කෙරුණා. කාශ්මීරයේ සමාජ ජාලා  22 ක් තහනම් කර ඇත. ඒ අතර ටුවිටර්, යූ ටියුබ්, ස්කයිප්, වට්ස් අප් සමාජ ජාල වේ.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහ ලේකම් වන්නේ ඇන්තෝනියෝ  ගුටේරස්

 ප්‍රථම වරට එක්සත් රාජධානියේ සිට චීනය දක්වා දුම්රියක් ධාවනය වූවා. එය  කිලෝ මීටර් 7500 දුර ධාවනය  වේ. එම දුම්රිය ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, පෝලන්තය, රුසියාව, කසකස්ථානය යන රටවල් පසුකර ධාවනය වේ.

 2015  වසරේදී පෘථිවියට සමාන ග්‍රහ ලෝකය වන ජේ.ජී 1132 නම් ග්‍රහ  ලෝකයේ වායු ගෝලය ඇති බව ප්‍රථම වරට සොයාගෙන ඇත.

 නවසීලන්තයේ වගනුයි  ගංගාවට ලොව ප්‍රථම වරට නෛතික අයිතිවාසිකම් හිමිව තිබේ. ඒ නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් වගනුයි ගඟ ජීවි වස්තුවක් ලෙස පිළිගනිමින් පනතක් සම්මත කළ අවස්ථාවේ.

 දූෂණ චෝදනා මත මෑතකදී බලයෙන් පහ කරනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති වූයේ පාක් ගුවෙන් හයි.


 89 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ කැල්ෆෝනියා හි ඩොල්බි රංගන ශාලාවේදී පැවැත්වූවා.


 හොඳම   සහය නලුවා - මූන් ලයික් චිත්‍රපටයේ ඇමරිකානු නලු  මහේෂාලා  අලී
 හොඳම කොණ්ඩ සැකසීම හා වේෂ නිරූපණය - සූ සයිඩ් ස්කෝඩ්
 හොඳම ඇදුම් නිර්මාණය - කොලින් ඇඩ්වුඩ්
 හෙඳම වාර්තා චිත්‍රපටිය - මේඩ්  ඉන් ඇමරිකා
 වැඩි අවදානයක් දිනා ගත් චිත්‍රපටිය - ලාල් ලෑන්ඩ් (ගෝල්ඩන් ග්ලෝබල් සම්මානයද මෙයට හිමි විය)


 සඳමත පා තැබූ අවසාන් මිනිසා ලෙස සැලකෙන  විශ්‍රාමික ඇමරිකානු ගගනගාමී ජෙන් සර්නන්ය පසුගියදා මෙලොවින් සමුගත්තා.

 ප්‍රංශයේ නව ජනාධිපති ලෙස මධ්‍යස්ථ මතධාරී  එම්මානුවෙල් මැක්‍රෝන් තේරී පත්විය. ඒ ප්‍රතිවාදී දක්ෂිණාංහික මරීන් ලා පේන් පරාජය කරමිනි.


 දකුණු කොරියාවේ පැවැති මැතිවරණයෙන් මූන් ජෝ ඉන් ජයග්‍රහණය කළේය. ඒ  කොන්සර්ටිව් පක්ෂයේ අපේක්ෂිකා හොංග් ජොන් ප්යෝ ය.


 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සැමරීමට නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී භනිදාරා  මෙරටට  පැමිණියා.

 රටවල්  28ක රාජ්‍ය නායක සමුළුව චීනයේ බීජිං නුවර 2017-05-14 දින පැවැත්වූවා.

එම සමුළුවේ තේමාව වන්නේ එකම තීරයක් එකම මාවතක් සංකල්පයයි.

චීන දේශ සීමා හා යුරෝපය හරහා වැටී  තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැනිවීම මෙම සමුළුවේ අරමුණයි.


 ඉන්දීය සිනමාවේ මව ලෙස සැලකෙන ප්‍රවීන බොලිවුඩ් නිළි රීමා  ලාගෝ මියගොස් තිබෙනවා.
ඇය මෙසේ හඳුන්වනු ලබන්නේ බොහෝ  චිත්‍රපටි  රැසක මවගේ චරිතය නිරූපණය කර ඇති බැවිනි.

 ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7ක රඟපෑ ශ්‍රීමත් ජෝර්ජ් මූර් පිළිකා රෝගය වැළදී මියගියා.

 ඇමරිකාව හා සවුදි අරාබිය අතර ඩොලර් මිලියන ගණනක ගිවිසුමකට එළඹ ඇතඊට අත්සන් තබන්නේ සවුදි ජනාධිපති සලමන් රජු හා ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප්ය.

මේ අවස්ථාවට ඇමරිකානු 45 වන ජනාධිපති තුමාගේ  බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ද  සහභාගී විය.

ඇමරිකානු ජනාධිපතිවරයෙක් සිය ප්‍රථම නිළ සංචාරය සඳහා සවුදි අරාබිය තෝරාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

 මහවැසි තද සුළං සමඟ  ඩෙබී නැමති ප්‍රචණ්ඩ සුළි සුළඟ පැයට කිලෝ මීටර් 270  වේගයෙන් ඕස්ට්‍රේලියාවේ   ක්වින්සිලන්ඩ් ප්‍රාන්තයට  කඩා වැදුණි.

 සෝමාලියානු මහුදු කොල්ලකරුවන්  ශ්‍රී ලාංකික නැවියන් 08 දෙනෙක් සමඟ පැහර ගත්තේ  ඒරීස්  13 තෙල් නෞකාවයි.


 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් ජනාධිපති හසන් රොව්හානි සමත් විය.
 , සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. රොව්හානි දිනාගත් ඡන්ද සංඛ්‍යාව 23,549,616 කි. ඒ අනුව තවත් සිවු වසරක් සඳහා ඉරානයේ ජනපති ධුරය හොබවනු ඇත්තේ රොව්හානිය.
 බෙන්ගාල බොක්කකේ ඇති වී ඇති කැළඹිලි  ස්වභාවය නිසා නිර්මාණය වී ඇති සුළි  සුළඟ මෝරා නම් වේ.

කාලගුණ විද්‍යාඥයන් ස්ටෙලා ලෙස  නම් කළ  හිම කුණාටුවක්  ඇමරිකාවේ නැගෙනහිර ප්‍රාන්තය හරහා හමා යාමට පටන් ගත්තා. ඒ පැයට කිලෝ මීටර් 98ක වේගයෙනි.

 ඕස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල්
 පකිස්ථාන්  අගමැති  නවාස් ෂරීෆ්
 පිලිපීන ජනාධිපති  රොද්‍රිගු ඩුටාටේ
 තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග් වෙන්ග්
 ගැම්බාවේ ජනාධිපති ඇඩමා බැරෝ
 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්

ලෝකයේ කුඩාම හා සැහැල්ලුම චන්ද්‍රිකාව දහ අට හැවිරිදි ඉන්දීය ජාතික රිෆාත් ශාරුක් නම් තරුණයා නිර්මාණය කර තිබෙනවා.
ග්‍රෑම් 64 බර මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානය විසින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි.
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් මෙම චන්ද්‍රිකාව අබ්දුල්සැට් ලෙස නම් කර ඇත.


මැයි මාසයේ සිදු වූ විශේෂ සිදුවීම් http://sandeepanigesatahan.blogspot.com/2017/07/2017-06-01-v.html





2 comments:

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

වටිනා සටහනක්... ස්තූතියි ...

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

බ්ලොග් එකට followers ගැජට් එක දාන්න...

Post a Comment