Thursday, June 1, 2017 |

ලොව ලාබාලතම රාජ්‍ය නායකන් පිළිබඳ තතු




එම්මානුවෙල් මැක්‍රෝන් - ප්‍රංශය
ප්‍රංශයේ නව ජනාධිපති පදවියට තේරී පත්වූ ඔහු  29 වියේ පසු වෙයි. ඔහු විසින් බිඳ දැමුවේ 40 හැවිරිදි වියේදී බලයට පත් නැපෝලියන් බොනපාට්ගේ විසින් 1848 දී පිහිටුවන ලද වසර 170 පැරණි වාර්තාවක්

වැනෙසා දි  ඇම්බ්‍රෝසියෝ - සැන් මැරීනෝ රාජ්‍ය
ලොව කුඩාම රාජ්‍යයක් වන සැන් මැරීනෝ හි රාජ්‍ය  නායිනාව  වන වැනෙසා දි  ඇම්බ්‍රෝසියෝ 29 හැවිරිදි විය.

කිම් ජෝන්  - උතුරු කොරියාවේ
උතුරු කොරියාවේ රාජ්‍ය නායක කිම් ජෝන් අන් 34 වියේ පසුවනවා. ඔහු  2012 වසරේ සිට බලය හොබවනු ලබයි. ඔහුගේ පාලනය යටතේ උතුරු කොරියානු න්‍යෂ්ටික ආයුධ හා දිගු දුර විදින මිසයිල නිපදවීමට උත්සහ දරමින් සිටී.

යූරි රතාස් - එස්තෝනියෝවේ
2016 පැවැත්වුණු මැතිවරණයේදී සෝවියට් දේශයෙන්  බෙදී වෙන් වුණු රාජ්‍යක් වන එස්තෝනියෝවේ  බලයට පත්වූ  සන්ධාන ආණුඩුවේ අගමැති ලෙසින් තේරීපත් වූ  38 හැවිරිදි  යූරි රතාස් ලොව ලාබාලතම රාජ්‍ය නායකයන් අතරට  අයත්ය.

යුක්රේනය වොලොදිමීර් ග්රොයිස්මාන්  
එසේම 2016 දී  යුක්රේනයේ අගමැති පදවියට පත් 38 හැවිරිදි වොලොදිමීර් ග්රොයිස්මාන්   යුක්රේන  ඉතිහාසයේ දෙවන ලාබාලතම අගමැතිවරයාය.

භූතානය - 37 හැවිරිදි ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් (ජනතා ජන්දයෙන් තේරී පත් නොවු නායකයෙකි)

කටාරයේ - 36 හැවිරිදි තමිම් බින් හමාඩ්  අල් තානි  ෂෙයික්වරයා
(ජනතා ජන්දයෙන් තේරී පත් නොවු නායකයෙකි)

BBC ඇසුරෙණි   -


0 comments:

Post a Comment