Monday, September 23, 2019 |

ඉර වර වර



“පණ ඇත්තේ මිනිසුන්ට පමණක් නොවෙයි. ගස්, වැල්, මල්, කොළ, දලූ, ඇළ දොළ මේ හැම දේකටම පණ තිබේ. මහ පොළවට පණ ඇති බවත් මහ පොළොව ජීවියකු බවත් ඒ නිසාම මහ පොළොවට නොරිදවිය යුතු බවත් අපේ කිරි අත්තා මට නිතරම කියා දුන් කතාවකි. ඒ නිසා ගහ කොළට ජීවත්වීමේ අයිතිය කිසිවකුට උදුරාගත හැකි නොවේ”
ගාමිණී කන්දේපොළ මහතාගේ 'ඉර වර වර' නවකතාව පරිසරයට සංවේදී මානව ජීවිත පාඨකයාට සමීප කරවමින් නිර්මාණය කරන ලද නිර්මාණයකි. ජීවයේ උල්පත පරිසරයයි. ඇළ දොළ ගංගා තුරු ලතා සතුන් සියල්ල සමඟ පවත්තා සම්බන්ධය ආදී මානවයාගේ පටන් පැවත එන්නකි. මිනිසාට හා පරිසරයට එකිනෙකාගෙන් වියුක්ත සම්බන්ධයක් පවත්වා ගැනීමට අපහසුය. නමුත් මිනිසා සොබා දහම සමඟ ඇති කරගන්නා අන්තර් ක්රියාවේදී සොබා දහම අභිබවා යාම මිනිසා විනාශය කරා ගෙනයයි.
'ඉර වර වර' නවකතාවේ දී අපට හමුවන බණ්ඩත්තා, ජයවීර, මද්දු , තලෙළු, සුරංග, අමරසිංහ, විද්දියා මහත්තයා, මන්ත්රීතුමා, ලොක්කයියා, රංකිරා, මිනින්දෝරු මහත්තයා, පන්සලේ හාමුදුරුවෝ සියලු දෙනා පරිසරය සමඟ ඇති කරගන්නා සම්බන්ධ අනුව ඔවුගේ ජීවිත හැඩගැසුණු ආකාරය මනාව නිරූපණය කරයි. බණ්ඩත්තා, මද්දු, තලෙළු වැන්නන් පරිසරය තම ජීවිතය කරගෙන ජීවත් වූහ. එහෙත් විද්දියා මහත්තයා, ජයවීර වැනි පරිසරයට එරෙහි වූවන්ට හාත්පසින්ම වෙනත් විපාක අත්විදින්නට ලබා දෙමින් මානව සමාජයට පණිවිඩයක් ලබා දීමට සමර්ථ වී ඇත.
ගම්මැණ්ඩිය. මහ වැව්, මහ ඇළ, මහ මූකලාන,යකඩ පාලම, වවුල් ගහ, එක යටේ මහ ගෙදර, ගල්පර, පලු ගස්, උල්පත, කින්නරගල, ගල්පර, කඩමැණ්ඩිය නව කතාව පුරා ගැමි සුන්දරත්වය නිරූපණය කිරීමට සමත්ව ඇත.
“ඔබ වහන්සේ මේ ව්යාපෘතියට කැමති නැද්ද? ”
විද්දියා මහත්තයාගේ පුතා ලොකු හාමුදුරුවන්ගෙන් ඍජුවම පරශ්න නැ`ගීම ගැන උන්වහන්සේ කැමැත්තක් තිබුණි.
“මගෙ කැමැත්ත අකමැත්ත විමසලා වැඩක් නෑ. විමසන්න ඕනෙ, ස්වභාව ධර්මයේ කැමැත්ත අකමැත්ත”
ලොකු හාමුදුරුවන් කී දෙයට උත්තර දෙන්නේ කෙසේ දැයි කිහිපවිටක්ම සිතා බැලූවත් විද්දියා මහත්තයාගේ පුතාට ඊට පිළිතුරු දීමට ඒ වෙලාවේ නොහැකි විය.
”කුමක්ද ස්වභාව ධර්මයාගේ කැමැත්ත”
කාර්මීකරණය, ගෝලීයකරණය, නවීකරණය හමුවේ විද්යාව සහ තාක්ෂණයේ වර්ධනයක් සිදු වූ අතර මානව ශක්තීන් ඉහළ යාම හේතුවෙන් මිනිසා තවදුරටත් ස්වභාවික පරිසරය වැදගත් සාධකයක් නොවුණි.
තවදුරටත් මානවයා සහ ස්වභාවික පරිසරය සමඟ පවතින අන්යෝන්ය බැදීම දියාරු බැඳීමක් විය. නමුත් මිනිසාට මෙන්ම සතා සීපාවාට මිහිමත වාසය කිරීමට අයිතියක් ඇත. එය ස්වභාව ධර්මයේ නිමයයයි.
‘මිත්යාj’ යන වචනය ජයවීරට හරියටම මුලින් තේරුනේ නැත. ඒත් එය තේරුම් ගන්නට ඔහු මහන්සි ගත්තේය. ගැමියන් බොරු වළක වැටී ඒ වල වටේම කර කැවෙමින් එහිම කා බී මියයන බවය විද්දියා මහත්තයා නිතරම කීවේ. ඔහු කියන දේ ඇත්ත නේදැයි ජයවීරට වැටහුණේ දහදිය පෙරමින් තට්ට පොළව සම`ග ඔට්ටු වන විටය.
විද්දියා මහත්තයාගේ ඒ කතාව මොනතරම් ඇත්තක්ද? ඔහුම කියනා පරිදි අප සියලූ දෙනා පවතින්නේ ආහාර දාමයක් මතය. ඔහු කරන පැහැදිලි කිරීම් මොන තරම් සරලද? එක පැත්තකින්, අනෙක් පැත්තෙන් මොන තරම් ගැඹුරුද? තිරිසන් සත්ව ලෝකය පුරා මෙන්ම මිනිස් ලෝකය පුරාද ඇත්තේ නොනවතින දඩයමක් බවය ඔහු කියන්නේ. කුඩාම කුඩා පළගැටියාගේ පටන් කොටියා වලහා දක්වාම කරන්නේ තමන්ගේ ආහාරය ස`දහා සතෙකු ගොදුරු කර ගැනීම නේද? ඒ කරමය කිසිවකුට වෙනස් කළ නොහැකිය. මිනිසා වුවද සතෙකු දඩයම් කරන්නේ කුස පුරවා ගැනීමටය. එක සතෙකු දඩයම් කළද තව කොපමණ සතුන් අලුතින් බිහිවනු ඇද්ද?
විද්යාව සහ මිත්යාව අතර දෝලනය වන චරිත ද්විත්වයක් ලෙස විද්දියා මහත්තයාත්, ජයවීරත් නවකතාවේදී අපට හමුවන අතර සොබාදහමට එරෙහි වීමෙන් දෙදෙනාටම විපාක විදින්නට සිදු වේ.
ගොවිතැන - බත, හරකා - බාන, බේත- හේත ද පමණක් නොව දර කෝටුව පවා සොයා සපයා ගන්නේ මේ කැලෑවට පින් සිද්ධ වෙන්න නේද? අවසානයේ මළකුණ පවා ගෙනැත් දමන්නේ මේ කැලෑවට නේද? දෙයියනේ කියා කටපුරා හිත පුරා හුස්ම පොදක් ගන්නේත් මේ කැලෑව නිසා නේදැයි බණ්ඩත්තාට සිතුණේය. තමන් මේ සිතන්නේ මහ කැලෑවට පැමිණ හැමදාම සිතන ටික නේදැයි ඔහුට පසුව කල්පනාවට ආවත් ඒ සිතීමේ වරදක් පෙනුණේ නැත. ඔහු පෙනහළු පමණක් නොව නාස් පුඩුද පුම්බා මහ කැලෑවේ හුස්ම තමාගේ සිරුරෙහි පුරවා ගත්තේය. ඉනික්බිති තම සිරුර තුළ තිබූ හුස්ම පොදක් හැ`ගීම් රාශියක් ද සම`ග මහ කැලෑවට මුදා හැරියේය. මහ කැලෑව කළේ ඒ සියල්ල බාරගෙන මඳ සුළගේ පාරමින් තුරු පත් අතර තැනින් තැන රැඳ වීමය. බණ්ඩත්තා පමණක් නොව ගම්මැණ්ඩියේ සියල්ලන්ම පාහේ එසේ හෙලූ සුසුම්, හැ`ගුම් හා කියුම් කෙරුම් මේ මහ කැලෑවේ තුරු පත් අතර මොනතරම් සැ`ගවී ඇද්දැයි සිහිකරන්නට මෙන් ඔහු යළිත් ඈත නිල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය.
නව කතාව පුරාම පරිසරයට දැඩි ලෙස ඇලුම් කරමින් ජීවත් වූ බණ්ඩත්තා තම මුණුපුරා පරිසරයට සමීප කරවීමට හැකිවීම නිසා ඇති වන සතුටත්, මද්දු නගරයට යෑමත්, තම පුතා සොබා දහමට එරෙහිව ගෙන යන ජීවිතයත් නිසා ඇති වූ පසුතැවීමත්, එක යටේ මහගෙදර විනාශ වීමත් නිසා තැවෙමින් දැවෙම්න් ජීවත් වූ අයෙක් ලෙස පාඨකයාට සමීප කරවයි.
කුඩා කල සිට මද්දුත්, තලෙළුත් අතර ඇති වන්නා වූ සෙනෙහස, ප්රේමය මද්දුගේ වෙන් වීම නිසා ඇති වූ විප්රයෝගය, තලෙළුට මිනින්දෝරු මහත්තා අතින් සිදු වන අපයෝජනය නිසා අංගවිකල දරුවෙකු සමඟ තනිවීමට සිදු වීමත්, අමරසිංහ තුළ ඇති වන අනුකම්පාවත් නිරූපණය කරන්නේ මානව හැඟීම් , දැනීම්, බැඳීම් සමඟ කතාව පාඨකයාට සමීප කරවමිනි.
ජන සංඛ්යාවේ ශීඝර වර්ධන වේගයට හා ආහාර හි`ගයට පිළියම් සෙවීමට කෘෂිකාර්මික ක්ෂ්තරයේ විප්ලවීය වෙනසක් සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ලෙස ඔවුන් ඉදිරිපත් කරන යෝජනා දේශපාලන ප්රවාහයේ දුර්වලතා ලෙස පෙන්නුම් කරන අතර ඒ නිසා සමස්ථ සමාජ වපසරියම වෙනසකට ලක්වූ අයුරුත් පරිසරයට සිදු වූ අගතිය නිසා මිනිසාට අත් විදින්නට සිදුවන භයානක තත්ත්වය ගැන ඉදිරිපත් කරන්නේ අනාගතයට පණිවිඩයක් ලබාදෙමිනි.
ජයවීර තැනින් තැන උඩින් පල්ලෙන් කියවූ මද්දුගේ රචනාවට අනුව ‘මිනිසා සහ පරිසරය ගහට පොත්ත මෙන් එකිනෙකට බැඳී පවතින්නකි. මේ කිසිවකුට එකිනෙකාගෙන් තොර පැවැත්මක් නැත. ගහ කොළ ඇළ දොළ සතා සීපාවාගෙන් තොරව මිනිසාට පැවැත්මක් කොහිද?
මිනිසා හා පරිසරය සමඟ ඇති වන බැඳම විස්මිතය. එය එකිනෙකා මත යැපෙමින් ඇති වන්නා වූ අවියෝජනීය බැඳීමකි. එකිනෙකා අභිබවා යාම අගතිය කරා ගෙනයාමකි. එකී විස්මිත වූ බැඳීම නිරූපිත කරන්නා නිර්මාණයකි 'ඉර වර වර' නවකතාව.
සටහන
නිසංකා සන්දීපනී
2019-09-22