Sunday, September 3, 2017 |

ලෝකවාසී කාන්තාවන්ට විමුක්තිය උදාවූ පින්බර බිනර පෝ දිනය



බිනර පිනිබර පෝ දිනය පින්බර සිදුවිම් කිහිපයක් සිදු වූ විශේෂයෙන් පෝ දිනයකි. වස් සමයට අයත් අතර මැදි පොහොය වන බිනර පෝ දා මෙලොව හා පරලොව උභයාර්ථ සිද්ධි සලසා ගැනීමේ අරමුණින් ගිහි පැවිදි පිරිස් ශාසනික ක්‍රියාවන්හි නිරත වෙති.

ලෝකවාසී කාන්තාවන්ට විමුක්තිය ලැබුණා වූ පෝ දිනයක් ලෙස හැඳින්විය හැකිය. අප බුදුපියාණන් වහන්නේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ රෝහිණී නදී තෙරේ පැවදි වූ 500 දෙනෙක් කසාවත් හැඳ කිඹුල්වත් නුවර සිට විශාලා මහ නුවර දක්වා පැමිණියේ තෙවරක්ම ප්‍රතික්ෂේප වූ මෙහෙනි ශාසනය ඇරඹීමට අවසර ගැනීමටය.

 ආනන්ද තෙරුණ්ගේ මූලිකත්වයෙන් අෂ්ට ගරු ධර්ම පැනවීමෙන් පසුව භික්ෂූණීයන්ට පැවිද්ද සඳහා අවසර ලබා දෙන ලද්දේ මේ පෝ දිනයේය.

ලාංකිකයන්ට මෙම පුන් පෝ දිනය වැදගත් වන්නේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් කේශ ධාතු නිදන් කරමින් ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට දාතූන් තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීම සිදු වන්නේද මේ උතුම් පෝ දිනයේය.

2017 - 9 - 3
නිසංකා සන්දීපනී