Monday, August 7, 2017 |

ජූලි මාසයේ ලෝකයේ සිදුවූ විශේෂ සිදුවීම්


  1.        කැනඩාව රාජ්‍යක් වශයෙන් ස්ථාපිත තර වසර 150 සැපිරීම නිමිත්තෙන් ජූලි 01 දා  ඔටවා නුවර ඇතුළු රටපුරා  උත්සව පැවැත්වුණා.
"ඔබ කොහේ සිට පැමිණියේ, ඔබ කුමන ආගමක් අදහන්නේ, ඔබ කාටද ආදරේ කියන දේ අප තකන්නේ නැහැ. ඔබ සියලු දෙනාම කැනඩාවට සාදරයෙන් පිළිගන්නවා" යනුවෙන් සංවත්සර උළෙල අමතමින් අගමැති ජස්ටින් ට්රූඩෝ පැවසීය.
කැනඩාවේ ස්වදේශික ජනතාව සිහිපත් කරමින් අගමැතිවරයා කියා සිටියේ කැනඩාව වෙත මුල් පදිංචිකරුවන් පැමිණි දින පටන් ඔවුන් "මර්දනයේ ගොදුරු" වූ බවය.
"සමාජයක් වශයෙන් අප අතීතයේ සිදු වූ වැරදි පිළිගත යුතුයි" යනුවෙන් කී අගමැතිවරයා සංහිඳියාව දිනා ගැනීම සඳහා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇති බවත් සඳහන් කළේය.

  1. 2.  ඉන්දියාවේ දහ හතර වැනි ජනාධිපතිවරයා ලෙස භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ හැත්තෑ එක් හැවිරිදි රාම් නාත් කෝවින්ද් (Ram Nath Kovind) තේරී පත්වෙයි.
      3.     එක්සත් ජාතීන්ගේ සංචාරක සහ සංස්කෘතිය පිළිබඳ දෙවන ලෝක සමුළුව ඕමාන රාජ්‍යයේදි පැවැත් වෙන බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.
2017 දෙසැම්බර් 11දින මස්කට් නුවරදී ආරම්භ වන සමුළුව දින දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝකයේ සිටින සංචාරක සහ සංස්කෘතික අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.
      5.  මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණීමට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් සමත් වී තිබෙනවා.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ මුළු වත්කම් ප‍්‍රමාණය සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් ප‍්‍රමාණය බිලියන 91යි දශම හතරක් ලෙසයි. ඇමර්සන් සමාගමේ කොටස් මිල ඉකුත් දා ඉහළයාමත් සමග ජෙෆ් බේසෝස්ගේ වත්කම බිල් ගේට්ස්ට වඩා ඩොලර් බිලියන එකයි දශම හතරකින් ඉහළ ගියා. 
  6.  ලෝක ප්‍රකට හෝම් අලෝන් චිත්‍රපට මාලාවේ රඟපෑ ජනප්‍රිය නළු ජෝන් හර්ඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 71ක්. 
1970දී සිය රංගන දිවිය ආරම්භ කළ ජෝන් හර්ඩ් වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ 1990 වසරේ තිරගත වූ හෝම් අලෝන් චිත්‍රපට මාලාවේදීයි. 
7 .  තම රට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවල්වලින්  වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීන් සඳහන් කරනවා.
8 .  කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බව පවසමින් පසුගියදා සෞදි අරාබිය, එක්සත් එමීරය, බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ නාවික සබඳතා අත්හිටුවීමට කටයුතු කළා. එමගින් තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කරන ලද බවයි කටාරය පෙන්වා දෙන්නේ.
9 .  ඊශ‍්‍රායලයේ නිල සංචාරයක නිරත වන පළමු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වීමට නරේන්ද්‍ර මෝදිට හැකි වී තිබෙනවා.
ඔහු ඊශ‍්‍රායලය වෙත පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහායි.
මාධ්‍ය අමතමින් නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර ඇත්තේ ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව සහ ඊශ‍්‍රායලය සහයෝගයෙන් ක‍්‍රියා කළ යුතු බවයි.
ඉන්දියාව සහ ඊශ‍්‍රායලය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පවතින්නේ වසර 25 සිටයි. මේ වනවිට ඊශ‍්‍රායලයේ ප‍්‍රධානතම අවි ගැණුම්කරු වන්නේ ඉන්දියාවයි.

2017 - 8- 7 
නිසංකා සන්දීපනී


0 comments:

Post a Comment