පුරාතනයේ සිට
වස් එළඹීමේ පිළිවෙතට අනුව භිකෂූන්
වහන්සේලා බෞද්ධන් විසින් පිරිනමන දැහැත්
ගොටුත් වැසි සළුත් පිළිගනිමින් පෙර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා
පසුවස් සමාදන් වන්නේ මෙම නිකිණි පෝ
දිනයේය.
බුදු සසුනේ වැදත්ම කොටස වන පර්යාප්තිය එනම් බුදුන් වහන්සේ
නැති කලෙක ශාසනය පවත්වාගෙන යනු ලබන ශාස්තෘන්
වන්නේ මෙම පර්යාප්තියයි. එම පර්යාප්ති ධර්ම චිරස්ථායි කිරීමට පදනම වැටෙන්නේ මෙම පෝ දිනයේය.
බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන් අජාසත් රජුගේ රාජ අනුග්‍රහයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවත්වූයේ
නිකිණි පුන් පෝ දිනයේය. මහා කාශ්‍යප,
උපාලි, අනුරුද්ධ, මහා කච්චායන, කොටිටක, වංගිස තෙරුන් ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා මෙම ධර්ම සංගායනාවට සහභාගී වූ
අතර මෙම ධර්ම සංගායනාවට අවැසිම පුද්ගලයා වූ
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුණ් රහත් භාවයට පත් වන්නේ මෙම නිකිනි පෝ දිනයේය.
එසේම භික්ෂූණී ශාසනය ආරම්භ වන්නේද මෙම උතුම් පෝ දිනයේය. මහා
ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිසට ශාසනයේ පැවිද්ද ලබා දෙමින් භික්ෂුණී සසුන
ආරම්භ කරන ලදී.
බෞද්ධයන්ගේ අභිමානය විදහා දක්වන සෙංකඩගල දළදා පෙරහැර පවත්වන්නේ මෙම
නිකිණි පෝ දිනයේය.
විවිධ ජාතීන් එකමුතුව එක් දෙවියෙකු
ඇදහීමට විචිත්‍ර අංගයන්ගෙන් සපිරුණු රුහුණු කතරගම මහා දේවාල පෙරහැර අවසන් වන්නේද මෙම පෝ දිනයේය.
මහා වංශයට අනුව වෝහාරක තිස්ස,
දුටුගැමුණු රජවරැන් අරියවංශ දේශනාවට රාජ
අනුග්‍රහය ලබාදෙන උළෙල පැවැත්වූයේ මෙම
නිකිණි පෝ දිනයේය.
බෞද්ධයාගේ උරුමයක් වූ ශ්‍රී මහා
බෝධීන් වහන්සේ වසර 150 කට පෙර වල්
අලින්ගෙන් රැක ගැනීමට ගිනිමැල ගැසීමට අවශ්‍ය දර මිටි පෙරහැරින් ගෙනගිය නිකිණි
පොහොය මෙය වන බැවින් එය දරමිටි පොහොය ලෙස හදුන්වයි.
2017 - 8 - 17
නිසංකා සන්දීපනී
0 comments:
Post a Comment