Sunday, July 16, 2017 |

සතුට

සතුට ඇත්තේ කොතනද?
සතුට තිබුණේ කාලඟ ද?
සතුටු කෙරුවේ කවුද?

"සතුට" අපි සියලු දෙනා බලාපොරොත්තු වන ආත්මීය හැඟීමයි.  මිල  - මුදල් , යාහව - වාහන , හරකා - බාන, නම්බු - නාම තමන් සන්තකව පවතීනම් එතැන සතුට රැඳී ඇතැද?

බුද්ධ දේශනාවේ  "සන්තුට්ඨි පරමං ධනං " උතුම්ම ධනයයි.....

"මොනව තිබුණත්, මොනවා කළත්,  කවුරු සිටියත්  මට නම් සතුටක් නැහැ"

වඩා වටින්නේ මානසික සතුට නොවේද ?

 අපි  

 සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? 

කවදාවත්  සැලසුම් කරලා සතුට ලබන්න බෑ.......
ජීවිතය ගමන් කරනකොට 

ඔබට 
සතුට මුණගැසේවි ....


2017 - 07- 16
නිසංකා සන්දීපනී



Saturday, July 8, 2017 |

ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් පෝ දිනයකි ඇසළ පුන් පොහෝ දිනය

 ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් පෝ  දිනයක් ලෙස ඇසළ පුන් පොහෝ දිනය හැඳින්විය හැකිය. වෙසක් හා  පොසොන් පෝයට සමානම වැදගත් කමක්  ඇති පෝ දිනකි.  බුදු සිරිතේ උතුමු වූ මංගල කාරණා කිහිපයක් සිදු වූ  උතුම් දිනයකි.

බෝසත් කුමරුන් කාලය, දීපය, දේශය, කුලය සහ  මව යන පස්මහ බැලුම්  බැලීමෙන්  පසු  දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් වූ  මහමායා දේවියගේ කුස පිළිසිඳ  ගැනීම සිදුවන්නේ පිනිබර ඇසල පෝදිනයේය‍. සුදු නෙළුම් මලක් සොඬින් ගත් සුදු ඇත් පැටවෙක් මහමායා දේවියගේ යහන වටේ තෙවරක් පැදකුණු කොට වම් ඇකයෙන් කුසට පිවිසෙනු ඇය සිහිනෙන් දුටුවාය. ඒ පින්වත් දරු උපතක පෙර නිමිති විය.

අභිනිෂ්ක්‍රමණය හා  රාහුල කුමරුගේ උපත  යන මංගල කාරණා ද්විත්වයම ඇසළ පෝ දිනයේ සිදුවන්නේය. එකුත් තිස්වියේදී සතර පෙරනිමිති දැකීමෙන් ගිහි ජීවිකාව පිළිබඳ කලකිරීම ඇතිවී සසරෙන් මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවස් මග හෙළි කරගන්නට  කන්තක අසු පිට නැගී  ඡන්න ඇමති සමඟ සියලු  ගිහි සැප අත්හැර ධරර්ම අවබෝධය පිණිස නිත්ම යාම  සිදුවන්නේ ද ඇසළ පෝ දිනයේය.

වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත් වීමෙන්   අවබෝධ කරගත්  ධර්මය පළමුව  අළාර කාළාම හා උද්දකරාම තවුසන් ට දේශනා කිරීමට සූදානම් වුවත් ඔවුන් ඊට පෙර දින  මියගොස් ඇති බව දුටු බුදුන් වහන්සේ , දුෂකරක්‍රියා කරන සමයේ තමන්ට ඇප උපස්ථාන කළ පස්වග තවුසන්ට ඉසිපතනයේ මිගදායේදී මෝහන්ධකාරය දුරු කරමින් ප්‍රථම ධර්ම දේශනාව  පැවැත්වූයේ මෙම පෝ දිනයේය.

හේතු ඵල වාදය මුල්කර  මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වූ දිනය වන්නේ ඇසළ පෝ දිනයයි.

සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදු හිමිගේ සදහම් චාරිකාව මෙසේ ආරම්භ වූයේ ඇසළ‍ පෝය දිනයකදී ය.

බුද්ධත්වයෙන් පසු පළමු වස් වැසීම සිදු වන්නේද ඇසළ පුන් පෝ දිනයේය. බුදුන් වහන්සේ වෙත ලැබෙන පුද සත්කාර නිසා ඊර්ෂියාවට පත් අන්‍යාගමික තීර්තකයන්ගේ මානය බිඳ හෙළීමට  සැවත් නුවර දී  යමා මහා පෙළහර  පා වදාළේ  ඇසළ පෝ දිනයේය.

සිදුහත් කුමරුගේ උපතින් සත් වන දින මරණයට පත්ව තව්තිසා දෙව් ලොව උපන් මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු සමූහයට අභිධර්මය දේශනා කරන ලද්දේ ඇසළ පෝ දිනයේය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර ප්‍රකාශය නිසා මහාකාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන්  අජාසත් රජුගේ රාජ අනුග්‍රහයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා  එක්ව  ශාසනයේ සිදු කරන ලද ප්‍රථම ධර්ම සංඝායනාව පවත්වන ලද්දේ මෙම පෝ දිනයේය.

එසේම දුටුගැමුණු රජු විසින්  රුවන්වැලි මහා සෑයේ මුල්ගල පිහිටවීම හා රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කිරීම සිදු වන්නේ ඇසළ පෝ දිනයකදීය.

බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම ‘ඛණ්ඩ සීමාව’ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනකදීය.

ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය වන දළදා  වහන්සේ  දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් කිත්සිරිමෙවන් රජ දවස ලක්දිවට වැඩම කරන ලද්දේ මේ පින්බර පෝ දිනයේය.

ලාංකිකයන්ට ‍බෞද්ධයන්ට විශේෂ යෙන් මෙම පොහොය වැදගත් වන්නේ  කීර්ති ශ්‍රී රාජසිහ රජතුමා සියම් රටින් ගෙන්වන ලද භික්ෂූන් වහන්සේලා විසින් මෙරට උපසම්පදා නැවත ඇති කරමින් භික්ෂු සාසනයේ චිර  පැවැත්මට අවැසි  ආගමික හා සමාජීය වපසරිය නිර්මාණය වීමයි.

මහනුවර, කතරගම,  රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර සහ ඇම්බැනක්කේ ඇසළ පෙරහැර වාර්ෂිකව පවත්වනු ලබන්නේ  ඇසළ පෝ දිනයේය.

උක්ත මංගල කරුණු මුල් කරගනිමින්  බෞද්ධයන්  විසින් පින්බර වූ ඇසළ මංගල්‍ය සමරණු ලබයි.


Sunday, July 2, 2017 |

ජුනි මාසයේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් .....




2017-06-01

v ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 
, ලෝක ප‍්‍රකට ක‍්‍රීඩා වෙබ් අඩවියක් වන ඊ එස් පී එන් වෙබ් අඩවිය මඟින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවයි.

පළමු ස්ථානය - පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
දෙවන ස්ථානය - අමෙරිකානු බාස්කට් බෝල් ක‍්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස්
තුන්වන ස්ථානය - ආර්ජන්ටිනාවේ පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී
සිව්වන ස්ථානය - ස්විස්ටර්ලන්ත ටෙනිස් ක‍්‍රීඩක රෝජර් ෆෙඩරර්
ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිව ඇත්තේ එහි 07 වන ස්ථානයයි. 
ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ සිව් දෙනෙක් පමණයි. ඔවුන් සියලූ දෙනා ඉන්දීය ක‍්‍රීඩකයින් වීම විශේෂත්වක්. 
ඉන්දීය එක්දින නායක විරාට් කෝලි එම ලැයිස්තුවේ 13 වෙනියායි. 
ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු පළමු සියදෙනා අතරට ඇතුළත්ව නැහැ. 


v කුවේට් මහ බැංකුව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල් අතුරින් දළ දේශීය නිෂ්පාදනය අනුව ලෝකයේ වැඩියෙන්ම වියදම් කරන රට ලෙස කුවේට් රාජ්‍යය පත්වී ඇති බව Al Qabas පුවත්පත වාර්තා කළ අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් 56.4%කි.


v තරු නිර්මාණය වූයේ කෙසේ ද යන්න මූලික අරමුණ කරගනිමින් හිරුගේ වායුගෝලයට යානයක් යැවීමට නාසා ආයතනය සූදානම් වෙයි. 

හිරුගේ තාපය හා විකිරණශීලිභාවය සොයමින් තාරකා නිර්මාණය වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණ කිරීම නාසා ආයතනයේ මෙම නව මෙහෙයුමේ අරමුණ වී තිබේ. 

මෙම මෙහෙයුම ලබන වසරේ ජූලි මාසයේදී දියත් කිරීමට නියමිත අතර කොරෝනා යනුවෙන් හැඳින්වෙන සූර්යාගේ වායුගෝලයට මෙම අභ්‍යාවකාශ යානය යැවීමට නියමිතය. මෙම යානය පාකර් සෝලර් ප්‍රෝබ් යනුවෙන් නම් කර තිබේ. 

මිනිසුන් රහිත රොබෝ යානයක් මෙලෙස හිරුගේ වායුගෝලය වෙත යැවෙන අතර මෙවැනි මෙහෙයුමක් දියත් කරන පළමු අවස්ථාව ද මෙය වෙයි. සූර්යාගේ මතුපිට සිට සැතපුමි මිලියන 3.9 (කිලෝමීටර මිලියන 6.3ක්) දුරින් පිහිටි කක්ෂය වෙත මෙම යානය යැවෙනු ලැබේ. 


v සාරා අල්බියා නම් සෞදි ශිෂ්‍යායාවක් නාසා ඉන්ටෙල් ජාත්‍යාන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයේදී පරිගණකයේ ප්‍රධාන මතකය (Random Access Memory-RAM) ආශ්‍රිතව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට පරියේෂකයින් 1,700ක් අභිබවා යමින් ඉහළ පෙලේ සම්මානයක් දිනා ගැනීමට හැකි වී ඇති බව අල්-ඇරේබියා පුවත්පත වාර්තා කළේය.

v ඇමෙරිකන් ගායිකා අරියානා ප්‍රසංගයක් පවතින මොහොතේ  මැන්චෙස්ටර් නුවර මැන්චෙස්ටර් රඟහලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.
මේ අතර මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූවන් සිහි කරමින්, ‘වන් ලව්නමින් සංගීත ප්‍රසංගයක් ඔල්ඞ් ට්‍රැෆෝඞ්ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර ගායිකා අරියානා ග්‍රාන්දේ ඊට සහභාගී විය.

v මිහිතලය උණුසුම්වීම අවම කිරීමේ උදාර අරමුණ ඇතිව රටවල් 187 ක එකමුතුවෙන් 2015 දී ප්‍රංශයේ පැරිස් නුවරදී අත්සන් තැබුණු ජගත් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ට්‍රම්ප් එම සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එම සම්මුතිය හරහා ඇමෙරිකන් ව්‍යාපාර සහ ඇමෙරිකන් ශ්‍රමිකයන්ට අවාසි අත්වන බව පවසමිනි.
ඇමෙරිකාවේ තෙල් සහ ගල් අඟුරු කර්මාන්තය උපරිමයෙන් ක්‍රියාවට නැංවීමට තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් ඇමෙරිකන් ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

2017/06/03
v ක්‍රීඩා ලෝකයේ ඉතා ඉහළම කීර්තියක් සහිත පාපන්දු ක්‍රීඩකයන් කීප දෙනාට ඇතුළත් වෙන ලයනල් මෙසීට  එරෙහිව පහළ උසාවියක් දී තිබුණ මාස එකොළහක සිර දඬුවමක් ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරනු ලැබුවා.
ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආර්ජන්ටිනා ජාතික මෙසී එවැනි සිර දඬුවමකට යටත් කරන ලද්දේ බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවයි.

v කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.
ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ.

2017/06/04
v වසරේ ඉස්ලාමීය පෞරුෂත්වය හිමි පුද්ගලයා ලෙස සෞදි රජු, සල්මන් බින්අබ්දුල්අසීස් රජුඅල්-සවුදිනම් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
සෞදි නායකයා සමස්ථ මුස්ලිමිය ජනතාවට කරන ලද සේවාව සහ දක්වන ලද ගරුත්වය වෙනුවෙන් Dubai International Holy Quran Award සංවිධායක කමිටුව සෞදි රජුව නම් කර ඇත.
ඉස්ලාමීය උරුමයන් රැකගැනීම, මුස්ලිම් ලෝකය එක්සත් කිරීම, ඍජු අධීක්ෂණය යටතේ දුප්පත් ඉස්ලාමීය රාජ්‍යයන් වල අවශ්‍යතාවයන් හඳුනා ගෙන උදව් උපකාර කිරීම වෙනුවෙන් මෙසේ පිදුම් ලැබ ඇත.

2017/06/05
v කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නවතා දැමීමට රටවල් 04ක් තීරණය කර තිබෙනවා. 
බී බී සී ලෝක සේවය සඳහන් කළේ බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එම්ර් රාජ්‍යය යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නවතා දමා ඇති බවයි. 
කටාර් රාජ්‍ය ත‍්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම මීට හේතු වී තිබෙනවා. 
v ගාසාහි පලස්තීන හමාස් සංවිධානයේ නව නායක යෙහියා සින්වාර් ඊජිප්තුවේ කයිරෝ අගනුවර සංචාරයකට පැමිණියේය. හමාස් සංවිධානයේ නායකයකු මේ අයුරින් ඊජිප්තුවට පැමිණීම දුර්ලභ සිදුවීමක් විය.


2017-06-06

v ගෝලීය සාම දර්ශකයේ රටවල් 163ක් අතුරින් 70 වැනි ස්ථානය දිනාගැනීමට ඕමාන රාජ්‍ය සමත්වී ඇති බව Watan පුවත්පත වාර්තා කළේය.
පසුගිය වසරේ 74වැනි ස්ථානයේ සිටි අතර සමස්ථ ලකුණු 1,983ක් ලබා ගෙන 2017 වර්ෂයේදි ස්ථාන 4කින් ඉහළට ඒමට ඕමානයට හැකිවී ඇත.
ගෝලීය සාම දර්ශකයේ ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් ඕමානය පස්වැනි ස්ථානය හිමි කර ගෙන ඇත.
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයක් වන Institute for Economics and Peace මඟින්  ජාතීන් අතර සමගිය, කලාපයේ ඇති සාමකාමී බව,මිනිමැරුම් අනුපාතය, රටතුල අවි භාවිතය, ත්‍රස්තවාදී බලපෑම්, සහ ජනගහනය අනුව අවි සපයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැනි කරුණු සාම දර්ශකය සඳහා ලකුණු දීමේදි සලකා බලනු ලැබේ. 
ලෝකයේ සාමකාමීම රාජ්‍ය ලෙස අයිස්ලන්තය පත්වී ඇති අතර නවසීලන්තය,පෘතුගාලය,ඔස්ට්‍රියාව සහ ඩෙන්මාර්ක් රාජ්‍යය පිලිවෙළින් අදාල ස්ථාන ලබාගෙන ඇත.

v ටොන් 640 ක් බර ජී.එස්.එල්.වී.එම්.කේ 3’ යන නම්  බරින් වැඩිම රොකට්ටුවක් ඉන්දියාව ගුවන්ගත කරනු ලැබුවා. මෙම රොකට්ටුව ජම්බෝ ජෙට් ගුවන් යානා පහක් තරම් විශාල යැයි ද පැවැසෙයි.
ශ්‍රී හරිකොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සවස 5.28 ට රොකට්ටුව ගුවන්ගත කිරීමට නියමිතව තිබුණු බව ද වාර්තා විය. රොකට්ටුව නිර්මාණය සඳහා ඉන්දීය ඉන්ජිනේරුවන්ට වසර 15 ක් ගත වී ඇති බවත්, රොකට්ටුව මුලුමනින්ම ඉන්දියානු නිෂ්පාදනයක් බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.
(එන්.ඩී.ටීවී.)

v මුස්ලිම් සහෝදරත්ව දේශපාල කණ්ඩායම හා සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් හිටපු ඊජිප්තු පාපන්දු ක්‍රීඩකයෙකු වු මොහොමඩ් අබවුට්‍රිකාව ඊජිප්තු රජය ත්‍රස්තවාදින්ගේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව අක්බාර්24 වෙබ් පුවත් අඩවිය වාර්තා කළේය.

v බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දෙවන වරටත් තේරී පත්වීමට ශ්‍රී ලංකිකයෙක් වන රනිල් ජයවර්ධන  මහතා සමත්විය.ඒ බ්‍රිතාන්‍යෙය් කන්සර්වේටිව්  පක්ෂය නියෝජනය කරමිනි. ඔහු මීට පෙර 2015 වසරේ පළමු වතාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

2017/06/07

v ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ්ගේ සැළැස්මකට අනුව ඩුබායි නගරය විවෘත කලාගාරයක් බවට පරිවර්තනය කිරිමේ අරමුණින් ප්‍රධාන පෙළේ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
එම ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර නගරය තුල ඉදිකර ඇති ගුවන්පාලම් වල අයත් කුළුණු ශාක කඳන් සහ අතු විහිදී යන ආකාරයෙන් කලාත්මකව නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වෙන්නේ මිනිස්සුන්ගේ නව නිර්මාණාත්මක ආකල්ප වර්ධනය කිරීමටත්, යම්කිසි දෙයක් නව නිර්මානාත්මක විදිහට දැකීමට ධෛර්යමත් කිරීමටයි’’ ව්‍යාපෘති කලමණාකරු, සයිමා අල් සුවයිදි ප්‍රකාශ කළේය. 


2017/06/09

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය

v මෙවර පැවැත් වුණේ බ්‍රිතාන්‍යයේ 57 වැනි මහ මැතිවරණයයයි.
මැතිවරණයේදී අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ කොන්සර්වටිව් පක්ෂය සහ ජෙරම් කෝබින් ගේ කම්කරු පක්ෂය අතර මේවන විට තියුණු ඇති වී තිබුණා.
බලයේ සිටින අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියමිත කාලයට පෙර මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද අතර , මෙය වසර දෙකකට මඳක් වැඩි කාලයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වෙනි ඡන්ද විමසීමයි. 2015 පැවති මැතිවරණයෙන් ආසන 331ක් ලබා ජය ගත්තේ කොන්සවේටිව් පක්ෂයයි.
බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 46.9ක්.
ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 350ක්. 

මෙසේ පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරේසා මේ විසින් නියමිත කාලයට පෙර  පාර්ලිමේන්තුව විසුරුවා හැර කැඳවන මහ මැතිවරණයකි.

මේ අතර මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනිමට නොහැකි වී තිබෙනවා.

v ලෝක පාපන්දු කුසලානය සඳහා තෝරාගැනීම් සඳහා පැවැති තරගයකදී අංක 7 පැළැඳ සිටින සෞදි අරාබි පාපන්දු ක්‍රීඩක සල්මන් අල් ෆරාජ් නැමැති ක්‍රීඩකයා ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට කනගාටුව පළ කිරීමටත් ගෞරව කිරීමටත් පැවැත්වූ මිනිත්තුවක් නිශ්ශබ්දතාවට එක්විය. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයෝ එම ක්‍රියාව නොසලකා හරමින් ඔවුන්ගේ ස්ථාන වෙත ගියහ.


2017/06/12

v ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පළමු වටයේ ප්‍රතිපල නිකුත් කෙරුණු අතර, ප්‍රංශයේ නව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.
මැක්රොන්ගේ ඔන් මාර්ෂ්පක්ෂය සහ ඔවුන්ට හිතවාදී පක්ෂ ආසන 445 ක් දිනා ගැනීමට සමත් විය. ප්‍රතිශතයක් වශයෙන් මැක්රොන්ගේ ඔන් මාර්ෂ් පක්ෂය සහ හිතවාදී මෝ ඩෙම් පක්ෂයදිනාගත් ඡන්ද සංථ්‍යාව සියයට 32 කි.
ප්‍රංශ පාර්ලිමේන්තුව ආසන 577 කින් සමන්විත අතර, මැතිවරණයේ දෙවැනි වටය 2017/06/18 පැවැත්විය. මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට හිමි කර ගැනීමට හැකිවූයේ සියයට 16 ක ඡන්ද ප්‍රතිශතයකි.
මැක්රොන් සහ ඔහුගේ පක්ෂය බලයට පත්වීමට පෙර ප්‍රංශයේ පාලක පක්ෂය වූයේ සමාජවාදී පක්ෂයයි. එම පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 7 ක ප්‍රතිශතයක් පමණි.
මැක්රොන් ප්‍රංශ ජනපති ධුරයට පත්වුණු අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා අගමැති ලෙස එඩුවාඞ් පිලීපේ පත් කළේය.
අගමැති ධුරයට එඩුවාඞ් පිලීපේ පත් කිරීමට තමන් ගත් තීරණය ඉතා නිවැරදි යැයි ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සමරමින් ජනපති මැක්රොන් කියා සිටියේය.


2017/06/13

v තායිවානය සමඟ දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පැනමා රාජ්‍ය පියවර ගෙන තිබේ.
 ඒ අනුව ස්වයං පාලනයක්ව පැවති තායිවානය සමඟ සම්බන්ධතා නවතා  චීනය සමඟ වාණිජ සම්බන්ධතා ඇතුළු සම්පූර්ණ  රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීමට  තමා සූදානම් බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් වරෙලා මහතා ප්‍රකාශ කළේය. 



2017/06/17

v කටාර් රාජ්‍යට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නතර කිරීමට සෞදි අරාබිය තීරණය ගත් නිසා beIN Sports   ක්‍රීඩා නාලිකාවට අයත් නිල වෙබ් අඩවිය ඔස්සේ කටාර් රාජ්‍යට අයත් රූපවාහිනී නාලිකා විකාශනය කිරීම හේතුවෙන් එම වෙබ් අඩවිය අවහිර කිරීමට සෞදි සංස්කෘතික හා තොරතුරු අමාත්‍යංශය පංයවර ගෙන ඇත.

2017/06/18
v බෙදී වෙන්වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමේ පළමු පියවර තැබූ පුද්ගලයා ලෙස හෙල්මුට් කොල් වන  ජර්මනියේ හිටපු චාන්සරලර් හෙල්මුට් කොල් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87ක්..
ඔහු 1982 වසරේ සිට 1998 දක්වා වසර 16ක කාලයක් ජර්මන් චාන්සලර් ධුරය හොබවනු ලැබුවා. යුරෝපය තුළ තනි මුදල් ඒකකයක් ලෙස යුරෝ මුදල් ඒකකය හදුන්වා දීමට ද දායකත්වය ලබා දුන් අයෙකු ලෙසයි හෙල්මුට් කොල් සැලකෙන්නේ. 


2017/06/19

v ඕමාන සුල්තාන්, කුබුස් බින් සෙයිඩ්ගේ සහය ඇතිව අධි-තාක්ෂණය භාවිතා කර ඉලෙක්ට්‍රොනික් කුරාණයක් එළිදක්වා ඇත.
එය මස්කට් ඉලෙක්ට්‍රොනික් කුරාණය යනුවෙන් නම් කර ඇත. 
මස්කට් ඉලෙක්ට්‍රොනික් කුරානය එළිදැක්වීමේ උත්සවයට ඕමාන සංස්කෘතික සහ උරුමයන් අමාත්‍ය, සයිඩ් හයිතම් බින් තාරික් අල්-සෙඩ් සහභාගි විය. 
අල්-අසාර් නුවර පිහිටා ඇති ඉස්ලාම් පරියේෂණ ඇකඩමිය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මඟින් වසර තුනක පමණ කාලයක් මෙම ඉලෙක්ට්‍රොනික් කුරාණය අධීක්ෂණයට ලක් කර ඇත.


2017/06/20

v උතුරු කොරියාවේ අත්අඩංගුවේ සිට පසුව නිදහස ලැබූ ඇමෙරිකන් ශිෂ්‍යයෙකු මියගියා.

නිදහස ලැබීමෙන් පසු, සිහිසුන් වී, කෝමා තත්ත්වයකට පත්වුණු ඔටෝ වොම්බියර් 22 හැවිරිදි වියෙහි පසුවිය.
මොහු උතුරු කොරියානු සංචාරයක් අතරතුරේ උතුරු කොරියානු කොමියුනිස්ට් රජයේ ප්‍රචාරක සලකුණක් සොරකම් කළේ යැයි චෝදනා එල්ල වීමෙන් අත්අඩංගුවට ගැණුනු බව වාර්තා විය.
පසුගිය 13 වැනිදා උතුරු කොරියානු රජය මොහුට නිදහස ලබා දුන් අතර, වොම්බියර් යළි ඇමෙරිකාවේ සින්සිනාටිහි සිය නිවසට පැමිණ ඇත. හිටිහැටියේ සිහිසුන් තත්ත්වයකට පත්වුණු බවත්, කඩිනමින් රෝහල් ගත කළ ද ඔහුගේ දිවි බේරා ගැනීමට නොහැකි වී ඇත.

2017/06/22

v අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇත. ජුනි 22 වැනිදා පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත. 

මෙම රටවල් දෙකත් සමගම ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 12 දක්වා වැඩිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ මීට වසර 17 කට පෙරදීය. ඒ බංග්ලාදේශයට ටෙස්ට් වරම් පිරිනැමීමෙනි.


2017/06/24

v 2017 ලොව සතුටින්ම ජීවත්විය හැකි රටවල් පිලිබඳ දර්ශකයට අනුව ලොව සතුටින් ජීවත්විය හැකි රටවල් අතුරින් ශ්‍රී ලංකාවට 120 වන ස්ථානය හිමිව තිබේ.

එක්සත් ජාතීන් දියත්කරන තිරසර සංවර්ධන ප්‍රතිකර්ම ජාලය විසින් මෙම දර්ශකය එළිදැක්විය.
මෙවර දර්ශකයේ ශ්‍රී ලංකාවට 120වන ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඒකක තුනක පසුබැසීමක්.
රටවල් 155 ක් අතුරින් මේ දර්ශකය සකස් කර ඇති අතර ඒ 2015 හා 2016 වසරවල එම රටවල පැවැති තත්ත්වය සැළකිල්ලට ගනිමින
, අනුව ලොව සතුටින්ම ජීවත්විය හැකි රට බවට පත්ව ඇත්තේ නොර්වේ රාජ්‍යයයි.
දෙවන ස්ථානය ඩෙන්මර්කය හිමිකරගෙන ඇති අතර පසුගිය වසරේ ඔවුන් දර්ශකය පළමු ස්ථානය හිමිකර ගෙන සිටියේය.
අසල්වැසි ඉන්දියාව දර්ශකයේ 122 වන ස්ථානය පත්ව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඒකක 5 පසුබැසීමකි.
එම දර්ශකයට අනුව ලොව අසතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින රට ලෙස බවට පත්ව ඇත්තේ මධ්‍යම අප්‍රිකානු ජනරජයයි.‍

      2017/06/25

v 2016  ගෝලීය සාම වාර්තා සංගනනයට අනුව ශ්‍රී ලංකාව සාමකාමී රටවල් අතර 97 වැනි ස්ථානයට පැමිණ තිබේ.

වාර්ෂිකව එළි දක්වන ගෝලීය සාම වාර්තාව ගනණය කරනු ලබන්නේ ආර්ථික සහ සාම ආයතනය විසිනි.
2015 වසරේදි රටවල් 162ක් අතුරෙන් ශ්‍රී ලංකාව සිටියේ 115 වැනි ස්ථානයේයි.
නමුත් මේ වසරේදී 97 දක්වා ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ.
ලොව සාමකාමීම රට ලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.
ලොව සාමය අඩුම රට ලෙස තේරීපත්ව ඇත්තේ සිරියාවයි.
ආසියාකරයේ සාමකාමීම රට ලෙස තේරී පත්ව ඇත්තේ භූතානයයි. 

      2017/06/26

v ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය තුළ ස්ථාන 24කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මේ අනුව 2016 වර්ෂ‍ය සඳහා නිකුත් කෙරුණු දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 141 වන ස්ථානයේයි.  
පසුගිය වසර වනවිට ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 165 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවිය.
දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ නිකුත් කරන එම දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ නෙදර්ලන්තයයි.
එත්‍රියාව එම දර්ශකකයේ අවසන් ස්ථානය වන 180 වන ස්ථානයේ රැඳී සිටී.

v ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා දී තිබෙනවා.
    
     ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයට  ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට වරම් හිමි වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු රටවල් ගණන 12ක් වී තිබෙනවා.

    එංගලන්තයට හා ඕස්ට්‍රේලියාවට ටෙස්ට් වරම් හිමිවූයේ 1909 වසරේදීය. 

   දකුණු අප්‍රිකාවට හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට, නවසීලන්තයට සහ ඉන්දියාවට ටෙස්ට් වරම් හිමි වූයේ 1926 වසරේදීය. 

    පකිස්ථානයට 1952 දී ද, ශ්‍රී ලංකාවට 1981 දී ද, සිම්බාබ්වේට 1992 දී ද බංගලාදේශයට 2000 වසරේදීද ටෙස්ට් වරම් හිමිවිය.

2017/06/27

v සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ.
අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තිබෙන රෙගුලාසි උල්ලංඝණය කිරීම නිසා ඇල්ෆබට්(ගූගල්)ගූගල් ඒකකයට මෙසේ දඩ නියම කර තිබෙන අතර දැනට විභාග වෙමින් තිබෙන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිත යැයි වාර්තා වේ.
ලොව ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ලෙස සැලකෙන ගූගල් සමාගමට තම බඩු භාණ්ඩ සැපයීමේ සේවයට පක්ෂපාතී වීම නවතා දැමීමට දින 90ක කාලයක් ලබාදෙන බවත් අදාළ කාලය තුළ දී  නිසි රෙගුලාසිවලට අනුකූල නොවුණහොත් ඔවුන්ගේ දෛනික ගෝලීය ආදායමෙන් තවත් සියයට 5ක මුදලක් අය කරගන්නා බවත් යුරෝපා කොමිසම නිවේදනය කර තිබේ.
ගූගල් සමාගම සෙවුම් කටයුතුවලදී තම සේවාවලට ප්‍රමුඛත්වය දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද දඩය නියම කරමින් යුරෝපා කොමිසම සඳහන් කරයි.

2017/06/28
  v ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ ගොස්       ඇති බවයි වාර්තා වෙන්නේ.
එම සමාගම පවසන්නේ මේ වනවිට ලෝක ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් සෑම මාසයකම ෆේස්බුක් සමාජ ජාලය පරිශීලනය කරන බවයි.
ෆේස්බුක් සමාගම ආරම්භ කර වසර 13 කට පසුවයි එහි සාමාජික සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව ඉක්මවා ගියේ.
ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියනයේ සීමාව පසුකර ගියේ 2012 වසරේ ඔක්තෝම්බර් මාසයේයි.
ඉතිරි බිලියනයක සංඛ්‍යාව ෆේස්බුක් වෙත පැමිණීමට ගතවී ඇත්තේ වසර 5 ක් වැනි කෙටි කාලයක්වීමද විශේෂත්වයක්.

2017/06/29

v චීනය එදා මෙදා තුර සිය විශාලතම යුද නෞකාව දියත් කිරීමට පියවර ගෙන තිබේ.
චීනයේ ෂැංහයි වරායේදී මෙම යුද නෞකාව  ප්‍රදර්ශනය කිරීමටයි චීන බලධාරීන් කටයුතු කරනු ලැබීය. සියලුම අවි ආයුධ සමගින් සන්නද්ධ මෙම නෞකාව ටොන් 12,000ක පමණ බරකින් යුක්ත වේ.
චීනය මෙවැනි ප්‍රහාරක යුද නෞකා හතරක් නිර්මාණය කිරීමටයි තීරණයකර තිබේ. ඉන්දියාව මෑතකදී දියත් කළ යුද නෞකාවට වඩා විශාල පහසුකම් හා නවීන අංගෝපාංගවලින් මෙම නෞකාව සමන්විත වන අතර  මිසයිල 120ක් පමණ මෙම නෞකාවේ රැගෙන යාහැකි බව චීන බලධාරීන් සඳහන් කර සිටී.